බහිරව කන්ද යනු, බහිරවයාගේ කන්ද යනුවෙන් අතීතයේදී හදුන්වා ඇත. පුරාවෘත්ත විස්තර වලට අනුව මේ කදු ශිඛරයේ ප්‍රබල බහිරව දේවාලයක් තිබූ බව සදහන් වේ. එමෙන්ම බහිරව දෙවියන් වෙනුවෙන් බිලිපූජා පැවැත්වීම සදහා රූප සොබාවෙන් යුතු කන්‍යාවන් සියයක් පමණ මෙහි සිටි බවත් මේ දේවාලය හා කෝවිල සමෘද්ධිමත් වූයේ නායක්කර් රජු සමයේ බවත් ඉතිහාසයේ සදහන් වේ. මහනුවර රාජධානි සමයේ මේ කදු මුදුනින් විශාල ශබ්දයක් නැගුණ බවත් ඒ ශබ්දයක් නැගුණු බවත් තවත් පුරාවෘත්තයක සදහන් වන අතර ඒ මෙහි පැවැත්වූ බිලි පූජාවල ගබ්ද බව කියයි.
ජයසිරි මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් රෝපණය කරමින් බෝධි ප්‍රාකාරයක් හා රන් වැටක් ඉදිකර මෙහි බුදුපිළිම වහන්සේ වඩාහිදුවා ඇත. එය අඩි 650කින් පමණ උසකින් යුතු වේ. අදවන විට සෙංකඩලගල ශ්‍රී දන්ත ධාතූන් දෙස දෙනෙත් යොමා වැඩ සිටින දැවැන්ත වූ බුද්ධ ප්‍රතිමාව 1972දී අම්පිටියේ ධර්මාරාම හිමියන්ගේ අනුදැනුම මත ඉදිකර ඇත. එම බෝධි ප්‍රතිමා වහන්සේ සහ ශ්‍රී මහාබෝධි විහාරය 1993 ජනවාරි 1 වන දින හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අතින් විවෘත වී ඇත.
බහිරව කන්ද විහාරයේ සිට බලන විට දක්නට ලැබෙන්නේ එකින් එක යා වුණු කදු පන්තීන් ය. එමෙන් ම මුළු මහනුවර නගරයම මෙම ස්ථානයේ සිට දැකබලා ගත හැකි අතර කදු මුදුනේ නිසලව වැඩ සිටින මෙම බුද්ධ ප්‍රතිමාව මහනුවර නගරයට ශාන්තවූත් පිවිතුරු බවකුත් ගෙන එයි. වර්තමානයේ ජාත්‍යන්තර බෞද්ධ සම්බන්ධතා පවත්වත මධ්‍යස්ථානයක් වශයෙන්ද මෙම පුණ්‍ය භූමිය හැදින්විය හැක. අතීතයේ ශ්‍රී ලංකාවට සෙත් ශාන්තිය උදෙසා බිලි පූජාවල් කරමින් නොමග ගිය මිනිසුන් සුමගට හරවමින් මිථ්‍යා මත දුරු කෙරූ පරම පූජනිය පිංබිමක් ලෙස සැලකෙන බහිරව කන්ද පූජනීය ස්ථානය අදවන විට දෙස් විදෙස් සංචාරකයිනේ ගෞරවයට පාත්‍ර වන අති රමණීය සිද්ධස්ථානයකි.
No comments:
Post a Comment