Wednesday 20 July 2022

අම්බුළුවාව


මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ නගරයේ පිහිටා ඇති අම්බුළුවාව කන්ද දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය සදහා නිර්මාණය කරන ලද ස්වාභාවික කන්දකි. 

කෑගැල්ල දිස්ත්‍රික්කය හා මහනුවර දිස්ත්‍රික්කය දෙක ගම්පොළ ප්‍රදේශයෙන් වෙන් කරන අම්බුළුවාව කන්දේ දිසා තුනක්ම නිර්මාණය වී ඇත්තේ තනි කළු ගලෙනි. එහි ඇති බෑවුම පමණක් ස්වාභාවික වනයකින් යුක්ත වේ. අක්කර 457ක භූමියක් පුරා ඉදි වී ඇති මෙය 1997දී එවකට කෘෂිකර්ම ඉඩම් හා වන සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දි.මු ජයරත්න මහතා අම්බුළුවාවට යන මාර්ගය සංවර්ධනය කරමින් වසර දහයක වෑයමකින් පසුව මෙය අංගසම්පූර්ණ ලෙස නිර්මාණය කර ඇත. 

ලංකා රාජ්‍යයේ ඉතිහාසයට අනුව හතරවන රාජධානිය වූයේ ගම්පොළ රාජධානියයි. එහි රජවරු සිව්දෙනෙකු රජකම් කළබව සදහන් වේ. ඒ රජවරුන්ගේ රාජධානිය පිහිටා තිබුණේ අම්බුළුවාව කදු පාමුලේ පිහිටි ගොඩගම නමින් හදුන්වන ග්‍රාමයේ බව කියයි. 1815දී ඉංග්‍රීසින් විසින් උඩරට ආක්‍රමණය කිරීමෙන් පසු ගම්පොළ රාජධානියේ පුරාවස්තු සියල්ල විනාශ වුවත් අම්බුළුවාව කළුගලින් නිම වී ඇති නිසා එය විනාශ නොවෙන්නට ඇති. මෙය 1970 වනවිට සංචාරක ආකර්ෂණය සහිතව සංවර්ධනය කරන්නට පටන්ගෙන ඇත. 

අම්බුළුවාව කන්ද තරණය කිරීමට යන පිරිසට ප්‍රවේශක් වූ ස්ථානයේ සිටම සුවිශේෂී වූ නිර්මාණ 65ක් පමණ නැරඹීමට හැකි අතර එමගින් සතුට,විනෝදය, ආධ්‍යාත්මික සුවය මෙන්ම දැනුමද වර්ධනය කර ගැනීමට හැකිය. දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය අතිශයින් දිනා ගන්නා මෙම ස්ථානය 2007දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝකයේ සංචාරකයින් සදහා සංවර්ධනය කළ හොදම කදු අතරට අම්බුළුවාව කන්ද ඇතුළත් කර ඇත.  කාමර 17කින් යුත් මෙම ගොඩනැගිල්ලේ ඉහළම මහල නැරඹුම් මැදිරියක ස්වාහාවයක් ගනී. මෙසේ සුන්දර වටපිටාවක පිහිටා ඇති අම්බුළුවාව කන්ද තරණය කිරීමට ලොකු කුඩා මෙන්ම විශේෂයෙන් තරුණ පිරිස මහත් රුචියක් දක්වයි.








අම්බුළුවාවට පිවිසෙන මාර්ගය









අම්බුළුවාව කදු මුදුනේ සිට වටපිටාව දර්ශනය වන ආකාරය












No comments:

Post a Comment

අම්බුළුවාව

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ නගරයේ පිහිටා ඇති අම්බුළුවාව කන්ද දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය සදහා නිර්මාණය කරන ලද ස්වාභාවික කන්දකි....