Wednesday 20 July 2022

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

 


බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍ර වන පුදබිමක් ලෙස නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය හැදින්විය හැක. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මුරුතලාව ප්‍රදේශයේ ඉදි වී ඇති මේ පින්බිම මහනුවර සිට කි.මී 12.3km පමණ දුරකින් යුතු ව පිහිටා ඇත. 


නෙල්ලිගලට පිවිසිය හැකි මාර්ග

   *අලදෙනියේ සිට නෙල්ලිගලට               7.5km

   *පොල්ගහමුල්ල සිට නෙල්ලිගලට        7.5km

   *පිළමතලාවේ සිට නෙල්ලිගලට            8.8km

   *ගන්නෝරුව සිට නෙල්ලිගලට              6.5km

   *කිරිබත්කුඹුර සිට නෙල්ලිගලට            8.3km


කන්දක් මුදුනක පිහිටා ඇති මෙහි භූ දර්ශනය හා වටපිටාව අතිශය සුන්දරය. ඉර සේවය මෙහි දී දැකගත හැකිය. 

මුහුදු මට්ටමේ සිට මීටර් 700ක් උසින් පිහිටන නෙල්ලිගල මුදුනේ සිට හන්තාන, හුන්නස්ගිරිය, ආදාගල ,අලගල්ල, බතලේගල, අම්බුළුවාව, ඇටිගල, රාමසාර කන්ද, ශ්‍රී පාදය, පිදුරුතලාගල යන කදු සියල්ල අංශක 360ක දර්ශන පථයකින් යුතුව දැකගත හැකිය.  

 2014 වර්ෂයේ දී ලදු කැලෑවක් සංරක්ෂණය කරමින් මේ පින්බිම නිර්මාණය කර ඇත.අවුරුදු 6ක කැපවීමෙන් යුතුව මෙම ස්ථානය ගොඩනැගී ඇති බව කියයි. නෙල්ලිගල පුදබිමේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරත්න හිමියෝය. 

අඩි හැත්තෑවක්  70ක් පමණ උසැති බුබ්බුලාකාර චෛත්‍ය මෙහි කැපී පෙනන නිර්මාණයකි. එම ස්තූපය මාස තුනකින් ඉදි කර වූ බව කියයි. ශ්‍රි ශාක්‍යසිංහ නම් සුගන්ධ කුටිය තුළ කේශ ධාතූන් වහන්සේ වැඩ සිටී. මෙහි දක්නට ඇති සුභාරතී නම් ධර්ම ශාලාවද ඉතාම විශාල වේ. 

ලක්ෂයකට අධික ජනතා සහභාගීත්වයෙන් යුතු ව සිදු කෙරෙන දාස්පෙතියා මල් පූජාව, චෛත්‍ය වන්දනා වැඩසටහන්, පොහොය වැඩසටහන් ආදිය මෙහි සිදු කරයි. සියලු විහාරාංග වලින් සම්පූර්ණ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඇති ගත සිත නිවන සුන්දර පරිසරය නිසාම දෙස් විදෙස් සියලු ජනයාගේ ගෞරවය හා ආකර්ෂණය දිනාගෙන ඇත.


















No comments:

Post a Comment

අම්බුළුවාව

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ නගරයේ පිහිටා ඇති අම්බුළුවාව කන්ද දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය සදහා නිර්මාණය කරන ලද ස්වාභාවික කන්දකි....